Tuesday, January 14, 2014

දුප්පත් අහිංසකයන්ට කාගේ පිහිටක් ද දැන් ඉතින්....

මම හැම අවස්ථාවකදීම ගන්නේ දුප්පත් අහිංසකයගේ පැත්ත. දුප්පතුන්ටමයි මේ ලෝකේ හැම වැරදි දෙයක්ම සිද්ධ වෙන්නේ පොහොසත් මිනිස්සු නම් මුදල් වල බලයෙන් හැම දෙයක්ම යට ගහන්න හොඳටම දන්නවා. ඒත හැම දෙයකින්ම අන්තිමේ දී තැලෙන්නේ පොඩි මිනිහා. ඒ කියන්නේ දුප්පත් මිනිහා. පොසත් මිනිස්සු පොඩ්ඩ ඇත්තනම් සල්ලි විසි කරලා ඕනේම අපරාධයකින් ගැලවෙන්න බලනවා. පොලිසියට අරගනෙ ගිහිල්ලාත් දුප්පත් මිනිහාට හොඳහැටි තලනවා. බැරි කෙනා කියලා වත් පොඩිම චාන්ස් එකක් දෙන්නේ නැහැ. කොහොම හරි හොඳට ගුටි කාලා පහුවෙදිනට උසාවි දැම්මත් ඇප දීලා එලියට ගන්න කෙනෙක් නැතිකම නිසා රිමාන්ඩ් එකටම වෙලා ඉන්නවා. බැරි වෙලා හරි උසාවියෙන් වැරැද්දකට අච්චුවක් විදිහට දඩ මුදලක් නියම කලොත් ඒක ගෙවා ගන්න විදිහක් නැතුව කූඩුවට වෙලා කඳුළු බොනවා. කව්රුහරි ඉදිරිපත් වෙලා දඩය ගෙවලා එලියට දැම්මේ නැතිනම් ඒ අසරණ අහිංසකයා සමහර විට නොකළ වරදකට අවුරුදු දෙක තුනක් සමහරවිට දහය පහළොවක් කූඩුව ඇතුලේ දුක් විඳිනවා. නමුත් පුලුවන් සල්ලිකාර ඇත්තේ නම් හොඳ නීතිඥයෝ අල්ලලා, නඩුකාර උන්නාන්සේලාගේ දුක් සැප බලලා තමන්ට කොහොම හරි සාධාරණය ඉෂ්ට කර ගන්නවා. පොසත් මිනිස්සුත් බලන්නේ ම ඇති හැකි පුද්ගලයා නිවැරදි කාරයා කරන්නයි. මොකද ඒ අස්සේ තමන්ට අවශ්‍ය දේවල් එයාලට කියලා කරවා ගන්න පුලුවන් නේ. නමුත් දුප්පත් අහිංසක මිනිහාට කාත් කව්රුවත් නැහැ.


මෙහෙම මම කිව්වම ගොඩාක් දෙනෙකුට රිදෙන්න පුලුවන් බව මම දන්නවා. නමුත් මම කැමතියි සංවේදී දේවල් සමාජය තුළ කතිකාවතක් ඇති කරන්න. ඒ හරහා අඩුම ගණනේ සමාජය හරි දැනුවත් වෙනවා මෙන්න මේවා තමයි සමාජයතුළ අඩුම වශයෙන් විය යුත්තේ කියලාවත්. සමහර දුප්පත් අය ඉන්නවා හරියට වේලක්වත් බඩ කට පිරෙන්න කෑමක් ලැබෙන්නේ නැති අය. නමුත් එක කෑම වේලක් වෙනුවෙන් රැපියල් ලක්ෂ කෝටි ගණන් නැති නාස්ති කරන ධනවත් කාමුක සල්ලාලයෝ මේ ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒ අය තමන් දූෂණය කරපු කාන්තාවන් ගණන සමහරලා දේශපාලඥයින්ට පාටි දානවා. දාලා කාලා බීලා කෙල්ලෝ ගෙනැල්ලා උන්ව දේශපාලනඥයින් හා එයාලගේ පුත්තු ලවා දුෂණය කරවලා සතුටු කරවලා තමන් කරපු අපරාධවලින් ගැලපෙන්න මාර්ගය හදා ගන්නවා. මේවා දැක දැකත්ඊ ළඟ චන්දයේදී යළිත් වතාවක් මේ අයට චන්දය දෙන්න තරම් අපේ මෝඩ මිනිස්සු ඇත්තටම ඔලමොට්ටල වෙලා තිබෙන හැටි දැක්කම මට හරියට වේදනාවයි. අනේ අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ කියලා නිතරම මට හිතෙනවා. දුප්පත්කමට මම ගොඩාක් ගරු කරනවා. මොකද අපේ රට සංවර්ධනය කිරීමේදී මුලින්ම ගොඩ ගත යුතුව තිබුනේ දුප්පතුන්ව. නමුත් ගොඩාක් අය ඉතාම පහසුවෙන් අමතකර කරන්නේත් දුප්පතුන්වමයි.

1 comment:

  1. පබා අක්කි මම ඔයාට කැමති වෙන්න හේතුව මෙන්න මේ වගේ ගතිගුණ ඔයා සතුව තිබීම කියලා මම හිතනවා. මමත් සංවේදී කෙනෙක්. මමත් කැමතිියි දුප්පත් අයට නිතරම පිහිට වෙන්න. අපි හැම මොහොතකදීම හිතන්න ඕන අනේ අපිටත් මෙහෙම වුනා නම් අනිත අය අපි ගැන බලන්න ඕන කොහොමද කියලයි.

    මම නිතරම මට පුලුවන් උපරිමයෙන් දුප්පත් අයට සලකනවා. නමුත් මම තවම පුංචි කෙල්ලෙක් විතරයි අක්කේ. ඒක නිසා මට මහා ලොකු දේවල් කරන්න කියන්න නම් තවම බැහැ. මොකද මමත් තවම අම්මා තාත්තා ගෙනැවිත් දෙන දේවල් වලින් යැපෙන කෙනෙක් නිසා. නමුත් මම හිතාගෙන ඉන්නවා කවදාහරි සමාජ සේවයට ඇවිල්ලා මහ ජනතාවට ලොකුවට සේවය කරන්න.

    මම දන්නේ නැහැ මගේ බලපොරෛාත්තු ඉටු වේවිද කියලා. නමුත් මම පුලුවන් හැකි උත්සාහයක් දරනවා මගේ බලාපොරොත්තුව ඉටු කරගන්න. මම හිතනවා මම කරන්නේ හොඳ දෙයක් නිසා මට බුදුන් වහන්සේගේ, ධර්මරත්නයේ සංඝ රත්නයේ පිහිට ලැබේයි කියලා මගේ උත්සාහය සාර්ථ කර ගන්න.

    ReplyDelete