Friday, January 31, 2014

ගැහැණු පිරිමි සමාජ භාවය සමාජ ක්‍රමය බිඳ වැටීමේ අතුරුඵලයක් ද?

මානව සම්බන්ධතා පැවැත්වීමේදී මිනිසුන් අතර ඇති වන අනෝන්‍ය විශ්වාසය, සුහඳතාවය ඉතා වැදගත්ය. මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ විශ්වාසයෙන් කටයුතු කිරීමේ දී ඔවුන් අතර ඇති වන සුහඳතාවය ඉතාම වැදගත් වන්නේ ඒ සුහඳතාවය මානව වර්ගයාගේ සමඟියට ඉවහල් වන හෙයිනි. සමාජ ඒකීත්වය ඇති කර ගැනීමට මෙකී සුහඳතාව විශාල වශයෙන් උපකාරී වේ. කුඩා කල සිටම දරුවන් අතර සාමූහික ක්‍රියාකාරකම් වර්ධනය සඳහා උපාකාරීවීම වැදගත් වන්නේ එම සාමූහික ක්‍රියාකාරකම් මඟින් ඔවුන් අතර සුහදතාව වර්ධනය වන බැවිනි. මෙවැනි මානව චර්යාවක් තිබීමෙන් මානවයා  පසුගාමී නොවී මානව වර්ගයාගේ ප්‍රවර්ධනය පිණිස කටයුතු කරන උසස් මානසික මට්ටමකින් හෙබි පුද්ගලයින් බවට පරිණාමණය වීමට එය උපකාරී වේ. දැනට මානව සමාජය මෙවැනි උසස් ආකල්පවිලින් සමන්විත පුද්ගලයින් අවම ප්‍රමාණයක් සමාජය තුළ කටයුතු කරන බව දැකගැනීමට ලැබේ. මානව වර්ගයා අතර දක්නට ලැබෙන විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් පිටතට විදා හැරෙන පණ්විඩය නම් සමාජ ඒකාබද්ධතාව නූතන සමාජය තුළ බිඳ වැටී ඇති බවකි. සමාජ ඒකාබද්ධතාවය පැවතුනු සමාජයක මෙලෙස එය බි ඳ වැටීමට විවිධ සමාජ විද්‍යාත්මක සාධක ඉවහල් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

ගැහැණි පිරිමි සමාජ භාවය වැනි සාධක සමාජ ඒකාබද්ධතාවය සුරැකීමට වඩා එය බිඳ දැමීමට ඉවහල් වී ඇති බව සමාජ දේහය සුපරික්ෂා කාරීව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන කාරණයකි. ගැහැණු පිරිමි සමාජ භාවය තුළින් සමාජ සුහඳතාව වර්ධනය කරනු වෙනුවට සමාජයේ මුලිකව ලිංගික වරණය මත පදනම් වූ බේදීමක් නිර්මාණය වී ඇති බවට සමාජ විද්‍යාඥයින් විසින් අනතුරු හඟවා තිබේ. ලිංගික නිර්ණය සමාජය තුළ වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිත කිරීමට අදාළව ලැබී ඇති ජීව විද්‍යාත්මක අනුබලයක් වන නමුදු වර්තමාන සමාජයේ දී ලිංගික වරණය බෙහෙවින් උපයෝගී කරගෙන ඇත්තේ සමාජ ඛණ්ඩනය කිරීමේ උපකරණයක් වශයෙන් බවට සමාජ විද්‍යාඥයින් විසින් චෝදනා මුඛයෙන් යුතුව පවසා ඇත. මෙලෙස යම්කිසි මතවාදයක් සමාජය පුරා ව්‍යාප්ත වීමට හේතුව කුමක් විය යුතුද? සමාජ ඒකාබද්ධතාවය බිඳ වැටීමට කිසියම් අනුබලයක් සමාජයතුළන්ම බිහි වීමට හේතුව කුමක්ද? ස්වභාවිකව වර්ගයාගේ අඛණ්ඩ ව්‍යාප්තිය පාලනය කිරීමට සමාජ විද්‍යාත්මකව නිර්ණායකයක් පහළවීමක් සිදු වූවේද? සමාජයේ දී සිදුවන වර්ගයගේ අඛණ්ඩ බෝවීම පාලනය කිරීමට ස්ත්‍රී පුරුෂ සිත්වලට උනුන්ට ද්වේෂ සහගත ආකල්පයක් නිරායාසයෙන්ම ලැබී තිබේ. එය ස්වභාවිකව මානව වර්ගයාගේ බෝවීම පාලනය කිරීමට ලැබී ඇති දාායාදයක් පරිදි ක්‍රියාත්මක වේ. සමරිසිභාවය මෙහි අතුරුප්‍රතිඵලයකි.

Sunday, January 26, 2014

සමාජ සම්බන්ධතා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රම සහ විධි මොනවාද?

අසාධාරණ කතා කියලා තමන් කරන වැරදි අනුන්ට පටවලා අයුක්ති සහගත විදිහට වැදගත් අයට නින්දා කරලා මඩ ගහලා මානසික වට්ටවලා කුරිරු සතුටක් ලබන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේ අය නිසා සමාජය ගොඩාක් පහලට වැටිලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න කැමති මිනිස්සු නිසා සමාජයේ අගය වැඩි වෙනවා. සමාජය කියලා කියන්නේ මිනිස් සම්බන්ධතා ජාලයකට. මේ සමාජ සම්බන්ධතා ජාලය තුළ විවිධාකාර සම්බන්ධතා තියෙනවා. සමහර සම්බන්ධතා මාපිය දූ දරු සම්බන්ධතා. සමහර සම්බන්ධතා සහෝදර සහෝදර සම්බන්ධතා, තවත් සමහර සම්බන්ධතා අඹු සැමි සම්බන්ධතා, සමහර සම්බන්ධතා ස්වාමි සේවක සම්බන්ධතා මේ යනාදී වශයෙන් සමාජ සම්බන්ධතා විශාල ප්‍රමාණයක් සමාජයක තියෙනවා. හැම සමාජ සම්බන්ධතාවයක්ම ක්‍රමවත් වුනහම විධිමත් වුනහම සාධාරණ වුනහම ඒකට අපි සාධාරණ සමාජයක් කියලා කියෙනවා. ඒ වගේම යම් සමාජයක සමාජ සම්බන්ධතා අවිධිමත් වුනහම, අක්‍රමත් වුනහම, අසම්මත වුනහම, අසාධරණ වුනහම ඒකට අපි අසාධාරණ අයුක්ති සහගගත සමාජයක් කියලා කියනවා. ඒ අනුව ඔයාලට හිතන්න පුලුවන් දැන් අපි එන්නේ සාධාරණ සමාජයක ද එහෙම නැතිනම් අසාධාරණ අයුක්ති සහගත සමාජයක ද කියලා? ටිකක් හිතන්න අපි දකින ස්වරූපයට වඩා ඇත්ත කොපමණ වෙනස් විය හැකිද? මම ඒක හිතන්න ඔයාලටම බාර දෙනවා.


සමාජ නිර්ණායක තියෙනවා සමහර දේවල් අපිට ගොඩාක් වැදගත්. සමහර දේවල් නම් එතරම් වැදගත් නැහැ. සමහර දේවල් තියෙනවා ඒවා බැලූ බැල්මටම වැදගත් කියලා නොපෙනුනත් පසු කාලීනව හරි ඒවා ගොඩාරියක් වැදගත් වෙනවා. දැන් හිතන්න අපි යම් කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නවා කියලා. එතකොට අපි බලන්නේ ඒ පුද්ගලයාගේ ගතිගුණ, වත්පොහොසත්කම, සමාජ තත්වය, උගත්කම ආදී දේවල්. මේවා සේරම ඒ පුද්ගලයාගේ අගය (Personal Value) ලෙස දැක්විය හැකියි. එතකොට අපිට ගොඩාක් වැදගත් විදිහට පෙනෙන්නේ ඒ පුද්ගලයාගේ පුද්ගල අගය පමණයි.මේ අනුව ප්‍රේම සම්බන්ධතාවයකදී ගොඩාක් වෙලාවට අපි සැලකිලිමත් වෙන්නේ සම්බන්ධතාව ගොඩනඟ ගන්න බලාපොරොත්තු වන පුද්ගලයගේ පෞද්ගලික පෞරුෂයට අදාළ අගය පිළිබඳවයි. දැන් අපි හිතමු මේ පුද්ගලයා සේවය කරන ආයතනය පිළිබඳව. ඒ පුද්ගලයා කිසියම් සේවා ආයතනයක සේවය කරන්නෙකු නම් ඔහුගේ හෝ ඇයගේ සේවා තොරතුරු අපට සෘජුව අදාළ වෙන්නේ නැහැ. ඒක එතරම්ම වැදගත් නැහැ. නමුත් අපිට හිතෙන්නේ ඒවා අපිට වැදගත් කියලයි. නමුත් වැදගත් කියලා හිතුනත් වැදගත් නැති දේවල් මේවා. සමහර විට ඇය ගේ හෝ ඔහුගේ හෝ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සමීප ඥාතීන් වගේ අය පිළිබඳව සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟ ගන්න මුලික අවස්ථාවේ අපි දක්වන්නේ හරි අඩු සැලකිල්ලක්. මොකද අපි හිතනවා ඒවා එච්චරටම වැදගත් වෙන්නේ නැහැ කියලා. නමුත් පසුව ඔහු ව හෝ ඇයව විවාහ කරගෙන එකට ජීවත් වෙන්න ගියහම තමයි දන්නේ ඒවා කොච්චර වැදගත් ද කියලා.

Thursday, January 23, 2014

යුවතියන් වන අපි පිරිමින්ට වඩා ආරක්ෂා විය යුතු නොවේ ද?

ගැහැණියකගේ රූමත්කම මනිනු ලබන්නේ ශාරිරිකව ඒ යුවතිය සුන්දර වූ පමණින් නොවේ. මා මෙලෙස ලියන්නේ මම කැත නිසා නොවේ. දුටු දුටුවන් ආකර්ශණය කරගන්නා ඉතා අයස්කාන්ත රූප සම්පත්තියක් රූමත්කමක් මාහට උප්පත්තියෙන්ම ඇත. නමුත් ඊටත් වැඩියෙන් හොඳ හදවතක් හා ගැඹුරු බුද්ධියක් ( ප්‍රඥාවක්) මාහට ඇත. රුව ගුණ දෙකම යුවතියකට එක හා සමානව පිහිටන්නේ ඉතාම කළාතුරකිනි. නමුත් මට ඉතා ම කලාතුරකින් යුවතියකට ලැබෙන මාහැඟි භාග්‍ය ලැබී තිබේ. එය මා භාවිතා කරන්නේ සමාජයට සේවයක් සිදු කිරීම සඳහා මිස මා හෝ වෙනත් අයෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා නම් නොවේ. නමුත් මේ ටිකත් කිව යුතුය. ළඳ බොළඳ සුකුමාල යුවතියන් තමන්ගේ වැරදි ආශාවන් සතප්පවා ගැනීමට භාවිතා කරන කාමුක සල්ලාල නරුමයින් දැන් දැන් ශ්‍රී ලංකාවේ බහුල වී තිබේ. එවැනි තත්වයකදී හැකිතාක් වෙර යොදා උන්ගෙන් බේරී සිටීමට කටයුතු කරනවා මිසක අනේ අපි අහිංසකයි කිය කියා සිට උන්ට හසුව පසුව පසුතැවිලිවීමට මට නම් අවංකව ම උවමනාවක් නැත. සමහර විට මම තරමක් තදට සිට කටයුතු කරන්නේ එහෙයිනි. මගේ මේ ස්වරූපය මා ළඟින්ඇසුරු කරන කොයි කවුරුත් පාහේ හොඳින් දන්නා නමුත් අන්තර්ජාලයේ සිටින ඇතැම් කෛරාටික, නූල් සූත්තරකරුවන් කාරියන් නම් දන්නේ නැත.


ඔවුන් මගේ සෘජු තද ගතිය මගේ වරදක් ලෙස හුවා දක්වා වෙනත් අය මා කෙරෙහි ආකර්ශණයවීම වළකා දැමීමට ඇතැම් විට ක්‍රියාකරන බව අන්තර්ජාලය භාවිතා කරනු ලබන මගේ විශ්වවිද්‍යාල යෙහෙළියෝ වරින් වර මා දැනුවත් කරති. අපි ඉඳහිට හමු වූ අවස්ථාවලදී මගේ බ්ලොග් ලිපිවල අන්තර්ගතය, එම අන්තර්ගතයට පදනම් වූ සත්‍ය කරුණු කාරණා ආදිය විස්තරාත්මකව අපි සාකච්ඡා කරන්නෙමු. එවැනි අවස්ථාවලදී ඔවුන් මාහට පැවසූ යම් යම් විවේචනාත්මක කරුණු කාරණාවලදී මා විසින් සපයන ලද ශාක්ෂි පදනම් කරගෙන මෙවැනි පැහැදිලි කිරීමක් අන්තර්ජාල බ්ලොග් අඩවිය මඟින් සිදු කරන ලෙස ලැබුණු වැදගත් උපදෙස් මත මම මෙවැනි සටහනක් ගොනු කලෙමි. කිසිසේත්ම පුද්ගල චරිතවලට මඩ ගැසීමට මා හට වුවමනාවක් නැත. මා ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අනුව මට සිහිනෙන්වත් එබඳු දෙයක් කිරීම තබා සිතින් වත් සිතා ගත නොහැකිය. නමුත් සමාජයේ සියලු පුද්ගලයන් සමාන නැත. අවාසනාවට අපි බොහෝ විට සිතන්නේ අනුන්ද අපි හා සමාන යැයි කියාය. නමුත් එවැනි සිතිවිලි අප තුළ පවතින්නේ අනුන්ගේ විශාල බොරුවකට අප හසුවන තෙක් පමණකි. ඉන් පසුව දකින දකින සෑම මනුෂ්‍යයාම සැක කිරීමට පෙළඹේ. ගිණි පෙළෙල්ලෙන් බැට කෑ මිනිහා කණා මැදිරියාටත් බය යැයි කියමනක් ව්‍යවහාරයේ පවතියි. එය සත්‍යයකි. විශේෂයෙන්ම අපි යුවතියන් වෙමු. එවැනි අවස්ථාවකදී අපට හානි කිරීමට ඇති ඉඩ ප්‍රස්තාව පිරිමියෙකුට සාපේක්ෂකව වැඩිය. ඒ නිසාම අපි වඩාත් හොඳින්ම ආරක්ෂා විය යුත්තෝ වෙමු.

අන්තර්ජාල අපරාධකරුන්ට (Cyber Crimes) නීතියේ රැහැනට හසු කිරීමට උදව් කරමු...!!!

අද අනත්ර්ජාලය හොරුන්ගේ, කාමුක සල්ලාලයින්ගේ, දේශපාලන බත් බැලයින්ගේ, චණ්ඩීන්ගේ, මඩ කොන්ත්‍රාත්කරුවන්ගේ, තැරැව්කරුවන්ගේ, අන්තර්ජාල රස්තියාදුකරුවන්ගේ, පාදඩයින්ගේ පාරාදීසයක් බවට පත් වී තිබේ. මෙයට වගකිව යුත්තෝ ද බ්ලොග්කරුවෝ මය. බ්ලොග්කාරියෝ මය. වෙනත් කවුරුන් හෝ පිටතින් පැමිණ බ්ලොග්කරණයෙහි නොයෙදුනාහ. හැමවිටක දීම සුචරිතය වෙනුවෙන් පෙනී සිටින්නන්, පුහු සුචරිතවාදීන්, කාඩ්බෝඩ් වීරයන්, කාන්තා පාර්ශවය ආරක්ෂා කරන්නන් ලෙස මතුපිටින් පෙනී සිටිමින් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයෙන් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක නිරතවන බ්ලොග් කාරියෝ හා බ්ලොග්කරුවෝ තවමත් නිදැල්ලේ සිය කාර්යය නිරුපද්‍රිතව නාමිකව හා නිර්ණාමිකව අන්තර්ජාලයේ කරගෙන යන්නෝ ය. තමන් විසින් සිදු කරන වැරදි අනුන්පිට පටවා බොරු ව්‍යාජ නම්වලින් හා අනුන්ගේ අනන්‍යතාවය සොරකම් කොට අනුන්ගේ ඡායාරූප, විස්තර තොරතුරු ආදිය ඉතා ම සූක්ෂ ම ලෙස සොරකම් කොට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාව යොදා සකස් කළ හොර ගුගල් අඩවි, හොර බ්ලොග් අඩවි හොර වෙබ් අඩවි අන්තර්ජාලයේ පුරා අනන්ත සංඛ්‍යාවක් තිබේ. මේවා අන්තර්ජාල අපරාධකරුවන් (Cyber Crimes) විසින් ඔවුන්ගේ සූක්ෂම ක්‍රියාවන් සඳහා නිරුපද්‍රිතව භාවිතා කරනු ලැබේ.

හදිසියේ වත් පොලිසියට හසු වුවහොත් හසු වන්නේ සැබෑ ම අපරාධකරුවා/ අපරාධකරුවන් නොව එලෙස ව්‍යාජ අනන්‍යතාව යොදා සකස් කරන ලද තැනැත්තා හෝ තැනැත්තිය වයි. මෙය නම් කිසිසේත් ම අහස පොළව නුහුළන අපරාධයකි. අපරාධය අන්තර්ජාලය තුළ කරන්නේ එකෙකි. හසුවන්නේ මේ පිලිබඳව හාංකවීසියක් නොදන්නා අහිංසකයෙකි. අන්තර්ජාල අපරාධ මැඩ පැවැත්වීමට නම් පොලිසියට ද අපරාධ කරුවන්ගේ මට්ටමට සුක්ෂම විය යුතුය. මෙය අන්තර්ජාල අපරාධ මැඩ පැවැත්වීමට පොලිසියට උපදෙස් ලබා දීමක් යැයි වරදවා නොසිතිය යුතුයත මා වැනි ලඳ බොඳළ කෙල්ලෙකු කෙලෙස එවැනි උපදේශ ලබා දෙන්නේ ද? මා සිදු කලේ මාහට වැටහුනු හා මගේ උගත්කමට හසු වූ පරිද්දෙන් මේ සටහන මෙසේ ලියා තැබීමක් පමණකි. මා බොහෝවිට අන්තර්ජාලය පුරා මට අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණවලට අවශ්‍ය විවිධ තොරතුරු උකහාගැනීමට අන්තර්ජාලය පිරික්සා බලද්දී විවිධ ආකාරයේ බ්ලොග් අඩවි, වෙබ් අඩවි, ගුගල් අඩවි විශාල ප්‍රමාණයක් මාහට දැක ගැනීමට ලැබිණ. නමුත් තව දුරටත් සියුම් ව විමසා බැලීමේ දී ඒවා බොහෝමයක් ම ඒවායේ සැබෑ අයිතිකරුවන්ගේ අනන්‍යතාවය වංචනික ලෙස භාවිතා කරන බවක් මට පෙනී ගියේය.  නමුත් මම පොලිසිය නොවේ. මෙරට පොලිසියක් තිබේ. අන්තර්ජාතික පොලිසියක් ද තිබේ. අවශ්‍යතාවය තිබේ නම් මෙවැනි ව්‍යාජ අනන්‍යතාවයන් සහිත හොර වෙබ් අඩවි, හොර බ්ලොග් අඩවි අවලංගු කොට දැමිය හැකිය. එවැනි අඩවි තනාගෙන අනුන්ට විවිධ ආකාරයෙන් මඩ ප්‍රහාර එල්ල කරන චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව ශාක්ෂි සහිගත නඩු පවරා වැරදිකරුවන්ට නීති මඟින් දඬුවම් ලබා දිය හැකිය.

Monday, January 20, 2014

ප්‍රති වාදියා කියන අන්තර්ජාල පිස්සාගේ බ්ලොග් එක විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ වාරණයට ලක් වෙයි....

අනුන්ට වැරදි කරන්න ගිහිල්ලා අන්තිමේ තමන්ට වරදින කල් තමන්ම දන්නේ නැහැ. ප්‍රති වාදියා කියලා මෙච්චර කල් බ්ලොග් එකක් කරගෙන ගිහිල්ලා පුලුවන් තරම් මේ රටේ අහිංසක අසරණ කාන්තාවන්ට ඉතා අසභ්‍ය විදිහට කුණු හරුප කියලා බ්ලොග් එකෙන් බැනපු ප්‍රති වාදියා බ්ලොග් අඩවිය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් සීමා කරලා. දැන් ඒකට ප්‍රවේශ වෙන්න සාමාන්‍ය පාඨකයින්ට බැහැ. ඒකට අවසර ගන්න වෙනවා. ඕන කමින් අවසර අරගෙන කුණු හරුප කියවන්න අපේ රටේ ඉන්න අහිංසක ගැහැණු දරුවන්ට වුවමනාවක් නැහැ. මේ වගේ පිස්සන්ට මෙහෙම දේවල් කරන්න වෙනවා. අපි කාන්තා සංවිධානවල කාන්තාවන් එකට එකතු වෙලා මේ සම්බන්ධව ගත යුතු නීතිමය ක්‍රියා මාර්ග අරගත්තා. ඒක අපි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට දැන්නුවා. අපිට උපදෙස් ලැබුනා පොලිස් පැමිණිල්ලක් සිදු කරලා ඒකේ පිටපතක් අරගෙන නීතිඥයෙකු මාර්ගයෙන් සිවිල් දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනුකරන්න කියලා. අපි ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. දැන් ක්‍රම ක්‍රමයෙන් අන්තර්ජාලයේ තියෙන මේ වගේ වසංගත අඩු වෙලා යන්න යාවී කියලා කාන්තාවන් විදිහට අපි විශ්වාස කරනවා.

මේ රටේ බහුතරයක් ඉන්නේ කාන්තාවන්. ඒ වුනාට එක එක පිස්සා කියන කියන පිස්සු කතා නිසා කාන්තා අපි නිකරුනේ අපහාස විඳින්න වෙලා තිබුනේ. අපි මුල දී නිහඬව හිටියා. එහෙම නිහඬව හිටියේ අපේ හිත්වල පුරුෂ පක්ෂය කෙරෙහි පිතෘ මූලික ගෞරවයක් තිබුණූ නිසයි. ඒ පිතෘ මුලික ගෞරවයට පවා මේ වගේ වසලයන් නිසා අත්පත් වුයේ විශාල නොමැකෙන කැළලක්. අපි නිහඬව හිටියේ පිරිමින්ට බයේ නෙවෙයි. අපිටත් තාත්තා කෙනෙක්, සහෝදරයෝ, පිරිමි දරුවෝ ඉන්නවා කියලා කාන්තා අපි අවංකව විශ්වාස කරපු නිසා. එයාලගේ ගෞරවය අපේ ගෞරවය තරමටම වටිනවා කියලා අපි අවංකව විශ්වාස කරපු නිසා තමයි මෙච්චර දුරටකට හරි අපි අපිට මෙච්චර අන්තර්ජාලයෙන් අපහාස කරද්දීන් නිහඬව හිටියේ අපට වැටහුනා මෙහෙම තව දුරටත් හිටියොත් ඒක අපි වගේ කාන්තාවන්ට සිදු කරන විශාලතම අසාධාරණයක් කියලා. ඒ නිසා තමයි අපි සේරම මෙහෙම ක්‍රියාකාරීව සංවිධානය වෙලා මේ අසාධාරණයට එරෙහිව නෛතික පිළිසරණක් පැතුවේ. අපි නීතියට ඉහළින් ගරු කරනවා.අපි නීතිගරුකයි හැමදාමත් ම.

Sunday, January 19, 2014

ප්‍රති වාදියා නමින් එන පඩ සෝබනකාරයා සල්ලන් වීම

සමස්ත ශ්‍රී  ලාංකික කාන්තාවන්ම වෙසඟනන්ගේ තත්වයට ඇදලා දාලා වෙසඟනන් විදිහට සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ව සේවනය කරන්න හදන වෙසඟනන් සේවනය කරලා හොඳට පදම් වුනු ප්‍රති වාදියා බ්ලොග් කරුව වර්ජනය කරන්න කියලා මම සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් කාන්තාවක විදිහට ඉතා කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි. මේ බ්ලොග්කරුම විවිධ මුහුණුවරින් වරින් වර එනවා. සැරයක් මේ පාර දිගේ නමින් මොහු බ්ලොග් එකක් පවත්වාගෙන ගියා චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන නමින්. දැන් ඔහු යෞවනයා එකම නමින් yawvanaya.blogspot.com/හා yawwnayaa.blogspot.com/ලෙස ඩොමේන් අංක දෙකක් යටතේ බ්ලොග් අඩවි දෙකක් පවත්වාගෙන යනවා. ඒ වගේම ලක්මිණි වෙදමුල්ල යන ව්‍යාජ කාන්තා නමින් පුංචි කුමාරිහාමිගේ වලව්ව බ්ලොග් එකක් punchikumarihamigewalawwa.blogspot.com/ යන ඩොමේන් අංකය යටතේ පවත්වාගෙන යනවා. මේ කාමුක සල්ලාලයාම ප්‍රතිවාදියා යන නමින් prathiwadhiya.blogspot.com/ යන ඩොමේන් අංකය යටතේ බ්ලොග් එකක් පවත්වාගෙන යනවා.

මම සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ බ්ලොග් අඩවි පවත්වගෙන යන්නේ එකම පුද්ගලයෙක්. මොහුගේ අරමුණ පහත් කපටි සල්ලාල කාමුක අරමුණක්. කාන්තාවකගේ නමින් මොහු විසින් පවත්වාගෙන යන බ්ලොග් එකේ අරමුණ හැකිතාක් කාන්තාවන් සමඟ විවිධ අනියම් සම්බන්ධකම් ඇති කරගෙන ඒවා කායික සම්බන්ධතා දක්වා දිග දුරට ගෙනයාම හරහා අසරණවන කාන්තාවන් දුෂණයට ලක් කොට කායික තෘප්තිය ලැබීම. සෙසු බ්ලොග් අඩවිවලින් මේ පහත් සල්ලාලයා කරන්නේ උගේ විවිධ දේශපාලන බත් බැලකම් ක්‍රියාකාරකම් ක්‍රියාවට නැඟීම. විවිධ සමාජ සුභ සාධන කටයුතු හරහා සමාජයේ ප්‍රසිද්ධියට පත්වෙලා ඉන්න කාන්තා සහ පිරිමි විද්වත් වෘත්තිකයින් ඉලක්කගත කොට කායිකව හා මානසික දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරීම මඟින් ඔවුන්ව ක්‍රියාකාරීව සමාජ දේශපාලින කටයුතුවල නිතරවීම වැළැක්වීම මෙයින් අපේක්ෂා කර තිබෙන බව ඔහුගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වෙනවා. ඔහුට මේ සඳහා රජයෙන් වැටුප් හා වේතනත් නොමිලේ අන්තර්ජාලය පරිහරණ පහසුකම් හිමි වෙලා තියෙනවා. ඔහුගේ වැටුප සාමාන්‍ය පුද්ගලයෙකු මහන්සිවෙලා උපයා ගන්නා මුදලට වඩා වැඩියි. මේ හේතුව මත ඔහු තරමක් උද්දච්ච අහංකාර පරවශ චරිතයක් වෙලා තියෙනවා. ඒත් මේ පම්පොරිකාරයාගේ ඇත්තේ මහ පඩම පඩ සෝබනයක් විතරයි කියලා ඕනිම කෙල්ලෙක්ට තේරෙනවා.

ප්‍රති වාදියා බ්ලොග්කාරයා වගේ කාමුක සල්ලාලයෙක්ගෙන් බේරිලා ඉන්න බලන්න...!!!

ප්‍රති වාදියා කියන්නේ ඔහුගේම යටි අරමුණක් ඇතිව ක්‍රියාත්මක වන දේශපාලනික අරමුණක් සහිත කපටි පුද්ගලයෙක් නරියෙක් වගේ. ඌ හදන්නේ අන්තර්ජාලයට කාන්තාවන්ගේ ප්‍රවේශය නැති කරලා දාලා ඌගේ තනි ඒකාධිකාරය බ්ලොග් ලෝකය පුරාම පවත්වාගෙන යන්නයි. ඌ ගැහැණු දූෂණය කරලා කරලා පිස්සු හැදිලා ඉන්නේ. හරියට වියරු වැටුනු පිස්සු බල්ලෙක් වගේ. දකින දකින හැම කෙල්ලෙකුවම ඌ හපා කනවා. බලන්නේ නැහැ ඒ කෙල්ලට මොනවා වෙනවාද කියලා වත්. ඒ තරම් පාහරයෙක්. උගේ අම්මා අක්කා නංගි කවුරුවත් නැහැ. ඒකා අන්තර්ජාලයට ඕපාපාතිකයෙක්. ඌ සැරින් සැරේ ඌම හදා ගත්තු ෆේ්ක් ෆ්‍රොෆය්ල්ස් වලින් එක එක නම් වලින් ඇවිල්ලා උගේ බ්ලොග් එකට ඌම කමෙන් කර ගන්නවා. කෙල්ලෝ උගේ බ්ලොග් එකට එන්නේම නැහැ. ඌ තරම් අතේ රෝල් ගහන වෙන බ්ලොග්කාරයෙක් මම ජීවිතේටම දැකලා නැහැ. මූ තුන් හුලස් හතරැස් බොරු කෙප්ප පට්ට ගහලා එකෙන් ආතල් ගන්නවා.කෙල්ලෙක් වුනහම මෙහෙම ඉන්න ඕන කියලා මූ අපිට හදලා දෙන ෆ්‍රේම් එකේ අපි ඉන්න ඕන.

මූ අන්තර්ජාලයේ පොලිස් කාරයෙක් වෙන්න හදනවා. එහෙම කරන ගමන් නංගි කසාද බැඳලද ඔයාගේ ගෙදර එන්නේ කොහොමද? ඇඩ්‍රස් එක මොකක්ද? මහත්තයා අද රෑට ගෙදර ඉන්නවද කියලා මේ පර බල්ලා මට මැසේජස් එවනවා පිට පිට. මේ අසමජ්ජාතියාගෙන් බේරෙන්න බැරිව මම මගේ ඊ මේල් එඩ්‍රස් එක පවා වෙනස් කර ගත්තා. මූ එවන කාමුක සල්ලාල අසමජ්ජාති මැසේජස් වලින් මගේ ඉන් බොක්ස් එක පිරිලා. හරිම කරදරේ. මේකගේ අදහසට මම අවනත නොවුනම මගේ චරිත ඝාතනය කරලා බ්ලොග් එකේ පොස්ට් දානවා කියලා මට තර්ජනය කරනවා. අන්තිමට මගේ මොබයිල් එකෙත් අංකය මට වෙනස් කරන්න සිද්ධ වුනා. මට මෙහෙම වාත වුනා නම් වෙන කෙල්ලෙකුට මේකා මොන තරම් වදයක් දෙයිද කියලා මට හිතුනා. ඒක නිසා මම අලුතින් අන්තර්ජාලයට එකතු වන නංගිලාගෙන් ඉල්ලා හිටින්නේ ඔයාලා දන්නේ නැතුව මේ සල්ලාලයට අහු වෙන්නේ හදන්න එපා. එහෙම වුනොත් ඔයාලට බේරිලා ඉන්න ලැබෙන්නේ නැහැ. මේ වගේ අය මතුපිටින් විශාල කාන්තා විරෝධයක් ප්‍රදර්ශනය කරන්නේ ගැහැණු අයට අල්ලගන්න කරන උපක්‍රමයක් විදිහට බව මම දැන ගත්තේ හුඟක් කල් ගිහිල්ලායි.