Wednesday, January 15, 2014

කාන්තාවකට ශිෂ්ට විදිහට කතා කරන්න දන්නේ නැති පිරිමි නපුංසකයින්ය.

හැම විටකදීම කාන්තාව පහතට දාලා සලකන කාන්වන්ට පහත් විදිහට හරිම අසභ්‍ය විදිහට නින්දා අපහාස කරන්න බ්ලොග් ටිකක් අටවා ගත්තු පිරිමි කීප දෙනෙක් ඉන්නවා. මොවුන්ට අම්මා කෙනෙක්, නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, බිරිඳක්, දියණියක්, හෝ අඩුම තරමින් ඥාතී  කාන්තාවක් වත් නැහැ. ඒ තරමට පහත් භාෂාවකන් කාන්තාවන්ට නින්දා අපහාස කරමින් මේ අය බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවා. මේ අතරින් ප්‍රති වාදිය නමින් නිර්ණාමිකව එක්තරා පහත් පුද්ගලයෙක් පවත්වගෙන යන බ්ලොග් අඩවිය සුවිශේෂී වැදගත් කමක් ගන්නවා. මේ බ්ලොග් අඩිවය එන යන ඔහුගේ නපුංසක සමලිංගික මිතුරන් කීප දෙනෙකු විසින් ඉතා පහත් නින්දිත ආකායට කාන්තාවන් පහත් කර අසභ්‍ය භාෂාවෙන් කමෙන්ට් දානවා. මම වරක් එහි ගොස් මේ දේවල් වැරදියි මෙහෙම කරන්න එපා. කාන්තාවන්ට අපහාස කරන්න එපා. මොකද ඔයාලටත් අම්මා කෙනෙක් ඉන්නවා නේද ඇයි ද මෙහෙම දේවල් කරන්නේ කියා අහපුවාම එයාලා ටික ඇවිස්සිලා වගේ ඇවිල්ලා මම එයාගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකටත් මාගල් විතර පල් හෑලි කියලා ඉතාම නූගත් විදිහට පහත් විදිහට බනින්න අර ගත්තා.

ආයෙමත් මම මගේ බ්ලොග් එකෙත් මේ අසාධාරණය කියලා ඉතාම ශිෂ්ඨ වචනයෙන් බ්ලොග් ලිපියක් පල කලාම මේ කට්ටිය ආපහු මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉතාම දරුණු විදිහට කාන්තාවක් වන මට නින්දා අපහාස කරලා මගේ පුද්ගලික චරිතය පවා අපහාසයට ලක්වන දරුණු වචන වලින් නින්දා කරලා තිබ්බා. මම ඒක මකන්නේ නැතුව තිබ්බේ කවදාහරි කෙනෙකුට බලන්න කාන්තාවන්ට මෙයාලා මොන තරම් අපහාස කරනවා ද නින්දා කරනවාද කියලා පෙනෙන්න ඕන නිසායි. මම කියන්නේ මහ පාරේ බස් එකක අපි ඇහැට කණට පේන ලස්සන කෙල්ලෙකුට වත් බේරිලා යන්න දෙන්නේ නැත්තේ මේ වගේ ලිංගික අසහනකාරයෝ නිසයි. මට හොඳට මේ ගැන අත්දැකීම් තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ වගේ නීච පහත් සල්ලාලයින්ව මම පොලිසියට අල්ලලා දීලා සමස්ත කාන්තාවන් වෙනුවෙන් ක්‍රියා කරලා තියෙනවා.

මට පුලුවන් කාන්තාවක විදිහට මගේ ආරක්ෂාව ඕනිම මොහොතක සලස්වා ගන්න. පිරිමින්ගේ ආරක්ෂාව යටතේ කාන්තාව පසුවිය යුතු නැහැ. ඇත්තෙන්ම ඇය දුබල නැහැ. කාන්තාව දුබලය. ඇයට පිරිමියෙකුගේ ආරක්ෂාව යටතේ පසුවිය යුතුය යන්න මේ වගේ නීච පිරිමි කාන්තා අපිව යටත් කරලා තියා ගන්න හදා ගත්තු බොරුවක් විතරයි කියලා කාන්තාවන් ඔයාලා හැමෝම හොඳින්ම හිතට ගන්න. පිරිමින්ගේ ආරක්ෂාව කාන්තාවකට අවශ්‍ය නැහැ. කාන්තාවක් කියන්නේ හරිම ශක්තිමත් කෙනෙක් කියලා පිරිමි හැමෝම දැනගත යුතුයි. කාන්තාවන් වන අපි මේ අසාධාරණයට විරුද්ධව සංවිධානාත්මකව කටයුතු කළ යුතුයි. පිරිමි අපිව පාගලා දාන්න කලින් අපි කවුද කියලා එයාලාට පෙන්නලා දීලා ඉන්න ඕන. අපි මොනව විිදිහකින් වත් පිරිමින්ට යටත් විය යුතු නැහැ.

3 comments:

  1. ආයෙමත් මම මගේ බ්ලොග් එකෙත් මේ අසාධාරණය කියලා ඉතාම ශිෂ්ඨ වචනයෙන් බ්ලොග් ලිපියක් පල කලාම මේ කට්ටිය ආපහු මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉතාම දරුණු විදිහට කාන්තාවක් වන මට නින්දා අපහාස කරලා මගේ පුද්ගලික චරිතය පවා අපහාසයට ලක්වන දරුණු වචන වලින් නින්දා කරලා තිබ්බා. //

    ප්‍රතිවාදිය බ්ලොග් එකට ගිහින් ඔහුට මරන තර්ජන කරල තිබුන.ඔහු ඉතාම අහිංසක විදියට උත්තර දීල තිබුන.කාන්තාවක් වීම නිසා උඹට ඕනම අපරාධයක් කරන්න බලපත්‍රයක් තිබෙනවද?උබ කතා කරල තිබෙන්නෙ කොච්චර කැත විදියටද අපි කොච්චර සංයමයෙන් ඒවට උත්තර දුන්නද කියල උබ දන්නව.කාගෙවත් පුද්ගලික චරිතයක් ගැන අපි කතා කලේ නෑ.හැබැයි උබ නම් අපිට සමලිංගිකයො,පොන්නයො,හිඟන්නො නපුංසකයො කියල බැනල තිබුන.අපේ අම්මලටත් අපහාස කරල.අපි ඒත් ඉවසුව.

    ඒත් උබලට උත්තර දෙනව.ඒ අවිහිංසාවාදීව.මම සැමට මිතුරු බ්ලොග් කරු.

    ReplyDelete
  2. ඇයි සැර බාල වෙලා.මාතෲතවය දරුවන් ලැබීම ආදිය ප්‍රතික්ශේප කරමින් පවුල වෛවාහික දාසභාවයක් කියමින්,සමලිංගික විවාහ ගැන කතා කරමින් යකා නටන විට ඒ ගැන හෙළිකලාම ප්‍රතිවාදියට මරන තර්ජන කළේ ජාත්‍යාන්තර කාන්තා ජාලය ඝැන කියල.

    උබල අම්ම කියන නාමය කැත කරන නිසයි ස්ත්‍රීවාදය කියන කාලකන්නි කමට හුගක් දෙනෙක් විරුද්ධ.උබල නූපන් දරුවන් මරන්න උද්ගෝෂන කරද්දි අන්තර්ජාලයෙ සහෝදර බෞද්ධ සංවිධාන එක්ක ඒකතු වෙලා සටන් කළේ අපි.

    වරෙල්ල හැප්පිල බලමු.උබල සියලු ආගම් විනාශ කරල බටහිර පන්නයෙ සමාජ හදන්න එන්නෙ .බලමු බලමු

    ReplyDelete
  3. අනේ උඹල අනුන්ට ශිෂ්ට වෙන්න උගන්නනවා. උඹල කරන්නෙම සමාජයේ අශිෂ්ට යැයි සම්මත දේවල් අනුන්ට බන කියන්න කලින් තමන් හැදෙන්න ඕන

    ReplyDelete