Sunday, January 26, 2014

සමාජ සම්බන්ධතා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රම සහ විධි මොනවාද?

අසාධාරණ කතා කියලා තමන් කරන වැරදි අනුන්ට පටවලා අයුක්ති සහගත විදිහට වැදගත් අයට නින්දා කරලා මඩ ගහලා මානසික වට්ටවලා කුරිරු සතුටක් ලබන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේ අය නිසා සමාජය ගොඩාක් පහලට වැටිලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න කැමති මිනිස්සු නිසා සමාජයේ අගය වැඩි වෙනවා. සමාජය කියලා කියන්නේ මිනිස් සම්බන්ධතා ජාලයකට. මේ සමාජ සම්බන්ධතා ජාලය තුළ විවිධාකාර සම්බන්ධතා තියෙනවා. සමහර සම්බන්ධතා මාපිය දූ දරු සම්බන්ධතා. සමහර සම්බන්ධතා සහෝදර සහෝදර සම්බන්ධතා, තවත් සමහර සම්බන්ධතා අඹු සැමි සම්බන්ධතා, සමහර සම්බන්ධතා ස්වාමි සේවක සම්බන්ධතා මේ යනාදී වශයෙන් සමාජ සම්බන්ධතා විශාල ප්‍රමාණයක් සමාජයක තියෙනවා. හැම සමාජ සම්බන්ධතාවයක්ම ක්‍රමවත් වුනහම විධිමත් වුනහම සාධාරණ වුනහම ඒකට අපි සාධාරණ සමාජයක් කියලා කියෙනවා. ඒ වගේම යම් සමාජයක සමාජ සම්බන්ධතා අවිධිමත් වුනහම, අක්‍රමත් වුනහම, අසම්මත වුනහම, අසාධරණ වුනහම ඒකට අපි අසාධාරණ අයුක්ති සහගගත සමාජයක් කියලා කියනවා. ඒ අනුව ඔයාලට හිතන්න පුලුවන් දැන් අපි එන්නේ සාධාරණ සමාජයක ද එහෙම නැතිනම් අසාධාරණ අයුක්ති සහගත සමාජයක ද කියලා? ටිකක් හිතන්න අපි දකින ස්වරූපයට වඩා ඇත්ත කොපමණ වෙනස් විය හැකිද? මම ඒක හිතන්න ඔයාලටම බාර දෙනවා.


සමාජ නිර්ණායක තියෙනවා සමහර දේවල් අපිට ගොඩාක් වැදගත්. සමහර දේවල් නම් එතරම් වැදගත් නැහැ. සමහර දේවල් තියෙනවා ඒවා බැලූ බැල්මටම වැදගත් කියලා නොපෙනුනත් පසු කාලීනව හරි ඒවා ගොඩාරියක් වැදගත් වෙනවා. දැන් හිතන්න අපි යම් කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නවා කියලා. එතකොට අපි බලන්නේ ඒ පුද්ගලයාගේ ගතිගුණ, වත්පොහොසත්කම, සමාජ තත්වය, උගත්කම ආදී දේවල්. මේවා සේරම ඒ පුද්ගලයාගේ අගය (Personal Value) ලෙස දැක්විය හැකියි. එතකොට අපිට ගොඩාක් වැදගත් විදිහට පෙනෙන්නේ ඒ පුද්ගලයාගේ පුද්ගල අගය පමණයි.මේ අනුව ප්‍රේම සම්බන්ධතාවයකදී ගොඩාක් වෙලාවට අපි සැලකිලිමත් වෙන්නේ සම්බන්ධතාව ගොඩනඟ ගන්න බලාපොරොත්තු වන පුද්ගලයගේ පෞද්ගලික පෞරුෂයට අදාළ අගය පිළිබඳවයි. දැන් අපි හිතමු මේ පුද්ගලයා සේවය කරන ආයතනය පිළිබඳව. ඒ පුද්ගලයා කිසියම් සේවා ආයතනයක සේවය කරන්නෙකු නම් ඔහුගේ හෝ ඇයගේ සේවා තොරතුරු අපට සෘජුව අදාළ වෙන්නේ නැහැ. ඒක එතරම්ම වැදගත් නැහැ. නමුත් අපිට හිතෙන්නේ ඒවා අපිට වැදගත් කියලයි. නමුත් වැදගත් කියලා හිතුනත් වැදගත් නැති දේවල් මේවා. සමහර විට ඇය ගේ හෝ ඔහුගේ හෝ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සමීප ඥාතීන් වගේ අය පිළිබඳව සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟ ගන්න මුලික අවස්ථාවේ අපි දක්වන්නේ හරි අඩු සැලකිල්ලක්. මොකද අපි හිතනවා ඒවා එච්චරටම වැදගත් වෙන්නේ නැහැ කියලා. නමුත් පසුව ඔහු ව හෝ ඇයව විවාහ කරගෙන එකට ජීවත් වෙන්න ගියහම තමයි දන්නේ ඒවා කොච්චර වැදගත් ද කියලා.

5 comments:

  1. අද කාලේ දෙමාපිය දූ දරු සම්බන්ධතා හරියට බිඳ වැටිලා. ඔවුන් අතර පැවතිය යුතු මානුෂික සබඳතා දැන් මේ හේතුව නිසා ඇත්තේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම විශාල සමාජ ව්‍යවසනයක් දක්වා පුලුල්ව ව්‍යාප්ත වෙලා. මම හිතනවා මේ පිළිබදව යළිත් වරක් හිතන්න දැන් කාලය උදාවෙලා තියෙන්නේ කියලා.

    මෙවැනි ලිපි හරහා යළිත් වරක් අපිට අලුත් මානයකින් සමාජය කියැවීමකට ලක් කරනවා. අපිව අලුත් ඇහැකින් ලෝකය සමාජය දෙස බලන්න පොළඹවනවා. මම හිතන්නේ මේ වැනි ලිපි බ්ලොග් අවකාශයන්හි වැඩිපුර දකින්න නැහැ. ඒකම ඇති මම හිතන විදිහට පබසරා නංගිගේ ලියවිලිවල අන්තර්ගතය පිළිබදව යථාර්ථවාදී අර්ථකථනයකට පැමිණෙන්න කියලා.

    ReplyDelete
  2. අද සමාජය විශාල වශයෙන් අයුක්ති සහගත දේවල් වලින් පිරිලා. හැම තැනම දූෂණය වංචාව අසහනය රජ වෙලා. මිනිස්සු හැමෝ ම ඉන්නේ පුදුම තරම් අසහනයකින්. මිනිස්සු සාමාජයේ හැසිරෙන හැටි බැලුවම ඒක හොඳින්ම තහවුරු වෙනවා. මම හිතන්නේ මෙහෙම වෙන්නේ සමාජ සම්බන්ධතාවල පවතින සාධාරණත්වය හා විශ්වසනීයත්වය බිද වැටුනම කියලා.

    ඒ විතරක් නෙවෙයි දැන් මිනිස්සු එක් කෙනෙකු තවත් කෙනෙකුට විශ්වාස නැහැ. මිනිස්සු හැමෝම තවත් කෙනෙකු දිහා බලන්නේ විශාල සැකයකින්. හරියට පුද්ගල අනන්‍යතාව නැති වෙලා වගේ. යම්කිසි පුද්ගලයෙකුගේ පෞරුෂත්වය මේ නිසා අහිමි වෙලා යනවා නම් ඒ පුද්ගලයාගේ පුද්ගල අනන්‍යතාවය බිද වැටිලා යනවා. ඒක විශාල සමාජ කඩාවැටීමක පෙර නිමිත්තක් හැටියට සලකන්න පුලුවනි.

    හැමෝම තව කෙනෙක් දිහා බලන්නේ හරියට තමන්ගේ පුද්ගල අනන්‍යතාවය සොරකම් කරගෙන යන්න ආපු යක්ෂයෙක් යක්ෂණියක් දිහා බලනවා වගේ හරිම සැකයකින් හරිම බියකින්. තවත් පුද්ගලයෙකු දිහා එහෙම සැකයකින්, බියකින් හා පිළිකුලකින් බලදී කොහොමද විශ්වසනීයත්වය, සුහඳත්වය ඇති වෙන්නේ. ඒ නිසා මුලින්ම කළ යුත්තේ බිඳ වැටී ඇති පුද්ගල සම්බන්ධතාවය ගොඩ නැංවීමයි. ඒ සඳහා එකිනෙකා අතර ගරුත්වය, විශ්වාසය, සුහදතාවය වර්ධනය කළ යුතුයි.

    ReplyDelete
  3. කතාව ඇත්ත අක්කේ. මම රන්සිමාලා. මමත් මේ දේවල් ගැන ලියන්න බ්ලොග් එකක් පටන් ගන්න ඉන්නෙ. ඒත් කොහොමද ඒව කියවන්න කට්ටිය ගෙන්න ගන්නෙ? අක්ක ජොයින් වෙලා ඉන්න බ්ලොග් ටිකටත් ගිහින් බලන්නම් මම. මට උපදෙස් ටිකක් දෙනවද? malaperera@yahoo.com වලට එවන්න. ලොකු උදව්වක්.

    ReplyDelete
  4. රන්සිමාලා අක්කි ඔයාට මගේ බ්ලොග් එකට එන්න දැන් පුලුවන් ද? මේ නංගියා නම් හරි පුංචියි ඔයාට උදව් කරන්න එයාට බැහැ. ඔයාට මගේ බ්ලොග් එකට දැන්ම එන්න පුලුවන් නම් මට ඔයාට උදව් කරන්න පුලුවන්. දැන්ම එන්න..

    ReplyDelete
  5. මේකේ අදහස් දාලා තියෙන රන්සිමාලා නැමැත්තිය උදව් ඉල්ලලා තියෙනවා බ්ලොග් එකක් කරගෙන යන හැටි ගැන අහලා. මම කැමතියි ඇයට උදව් කරන්න. ඇයට පුලුවන් නම් මම කරන කුරුටු ගී ගී පොත බ්ලොග් එකට එන්න කියන්න. මම කැමතියි ඔයා වගේ ආධුනිකව මේ ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙකුට උදව් කරන්න තියෙනවා නම්.

    ReplyDelete