Thursday, January 23, 2014

අන්තර්ජාල අපරාධකරුන්ට (Cyber Crimes) නීතියේ රැහැනට හසු කිරීමට උදව් කරමු...!!!

අද අනත්ර්ජාලය හොරුන්ගේ, කාමුක සල්ලාලයින්ගේ, දේශපාලන බත් බැලයින්ගේ, චණ්ඩීන්ගේ, මඩ කොන්ත්‍රාත්කරුවන්ගේ, තැරැව්කරුවන්ගේ, අන්තර්ජාල රස්තියාදුකරුවන්ගේ, පාදඩයින්ගේ පාරාදීසයක් බවට පත් වී තිබේ. මෙයට වගකිව යුත්තෝ ද බ්ලොග්කරුවෝ මය. බ්ලොග්කාරියෝ මය. වෙනත් කවුරුන් හෝ පිටතින් පැමිණ බ්ලොග්කරණයෙහි නොයෙදුනාහ. හැමවිටක දීම සුචරිතය වෙනුවෙන් පෙනී සිටින්නන්, පුහු සුචරිතවාදීන්, කාඩ්බෝඩ් වීරයන්, කාන්තා පාර්ශවය ආරක්ෂා කරන්නන් ලෙස මතුපිටින් පෙනී සිටිමින් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයෙන් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලියක නිරතවන බ්ලොග් කාරියෝ හා බ්ලොග්කරුවෝ තවමත් නිදැල්ලේ සිය කාර්යය නිරුපද්‍රිතව නාමිකව හා නිර්ණාමිකව අන්තර්ජාලයේ කරගෙන යන්නෝ ය. තමන් විසින් සිදු කරන වැරදි අනුන්පිට පටවා බොරු ව්‍යාජ නම්වලින් හා අනුන්ගේ අනන්‍යතාවය සොරකම් කොට අනුන්ගේ ඡායාරූප, විස්තර තොරතුරු ආදිය ඉතා ම සූක්ෂ ම ලෙස සොරකම් කොට වෙනත් කෙනෙකුගේ අනන්‍යතාව යොදා සකස් කළ හොර ගුගල් අඩවි, හොර බ්ලොග් අඩවි හොර වෙබ් අඩවි අන්තර්ජාලයේ පුරා අනන්ත සංඛ්‍යාවක් තිබේ. මේවා අන්තර්ජාල අපරාධකරුවන් (Cyber Crimes) විසින් ඔවුන්ගේ සූක්ෂම ක්‍රියාවන් සඳහා නිරුපද්‍රිතව භාවිතා කරනු ලැබේ.

හදිසියේ වත් පොලිසියට හසු වුවහොත් හසු වන්නේ සැබෑ ම අපරාධකරුවා/ අපරාධකරුවන් නොව එලෙස ව්‍යාජ අනන්‍යතාව යොදා සකස් කරන ලද තැනැත්තා හෝ තැනැත්තිය වයි. මෙය නම් කිසිසේත් ම අහස පොළව නුහුළන අපරාධයකි. අපරාධය අන්තර්ජාලය තුළ කරන්නේ එකෙකි. හසුවන්නේ මේ පිලිබඳව හාංකවීසියක් නොදන්නා අහිංසකයෙකි. අන්තර්ජාල අපරාධ මැඩ පැවැත්වීමට නම් පොලිසියට ද අපරාධ කරුවන්ගේ මට්ටමට සුක්ෂම විය යුතුය. මෙය අන්තර්ජාල අපරාධ මැඩ පැවැත්වීමට පොලිසියට උපදෙස් ලබා දීමක් යැයි වරදවා නොසිතිය යුතුයත මා වැනි ලඳ බොඳළ කෙල්ලෙකු කෙලෙස එවැනි උපදේශ ලබා දෙන්නේ ද? මා සිදු කලේ මාහට වැටහුනු හා මගේ උගත්කමට හසු වූ පරිද්දෙන් මේ සටහන මෙසේ ලියා තැබීමක් පමණකි. මා බොහෝවිට අන්තර්ජාලය පුරා මට අවශ්‍ය විද්‍යාත්මක පර්යේෂණවලට අවශ්‍ය විවිධ තොරතුරු උකහාගැනීමට අන්තර්ජාලය පිරික්සා බලද්දී විවිධ ආකාරයේ බ්ලොග් අඩවි, වෙබ් අඩවි, ගුගල් අඩවි විශාල ප්‍රමාණයක් මාහට දැක ගැනීමට ලැබිණ. නමුත් තව දුරටත් සියුම් ව විමසා බැලීමේ දී ඒවා බොහෝමයක් ම ඒවායේ සැබෑ අයිතිකරුවන්ගේ අනන්‍යතාවය වංචනික ලෙස භාවිතා කරන බවක් මට පෙනී ගියේය.  නමුත් මම පොලිසිය නොවේ. මෙරට පොලිසියක් තිබේ. අන්තර්ජාතික පොලිසියක් ද තිබේ. අවශ්‍යතාවය තිබේ නම් මෙවැනි ව්‍යාජ අනන්‍යතාවයන් සහිත හොර වෙබ් අඩවි, හොර බ්ලොග් අඩවි අවලංගු කොට දැමිය හැකිය. එවැනි අඩවි තනාගෙන අනුන්ට විවිධ ආකාරයෙන් මඩ ප්‍රහාර එල්ල කරන චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව ශාක්ෂි සහිගත නඩු පවරා වැරදිකරුවන්ට නීති මඟින් දඬුවම් ලබා දිය හැකිය.

1 comment:

  1. අන්තර්ජාලයෙන් අනුන්ට මඩ ගහන ඇත්තන්ට විරුද්ධව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුමයි කියන මතවාදයේ මම නම් එදා ඉඳලාම ඉන්නවා.

    ReplyDelete