Tuesday, January 14, 2014

අදහස් වෙනස් කරලා මිනිස්සු වෙනස් කරමු ද?

මේ ලෝකේ ජීවත් වන කූඹියාගේ වුනත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. මේ හේතුව නිසා තමයි සත්තු මරන එක පව් කියලා කියන්නේ. නමුත් මේ ලෝකේ ඉන්න පව්කාර මිනිස්සු සත්තු මරනවා. සත්තු ආහාර පිණිස ඝාතනය කරන අයත් ඉන්නවා. විනෝදාංශය පිණිස සත්ව ඝාතනයෙහි නිරත වන අයත් ඉන්නවා. මේ දෙකටම නැතුව සත්තු මරන අයත් ඉන්නවා. සමහරු මුදලට සත්ව ඝාතනයෙහි නිරත වෙනවා. මුදල් හෝ වෙන යම් දෙයක් බලාපොරොත්තුවෙන් සතෙකුගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කරනවා කියලා කියන්නේ ඉතා භයානක අකුසල කර්මයක්. මම හිතන්නේ කෙනෙකුගේ මේ ආත්මභාවය තුළම කළ හැකි විශාලතම අකුසල කර්මය තමයි ඒක. අනික සතෙකුට හිරිහැර කලාට ඌට ඒක කියා ගන්න බැහැ. මිනිසෙකු නම් වචනවලට කියන්න පුලුවන් මට හිරිහැර කලා කියලා. නමුත් සත්තුන්ට එහෙම කරන්න බැහැ. මේ නිසා සත්තු මිනිස්සුන්ට වඩා ලොකේ දී අසරණයි කියලා මට හිතෙනවා. මේ හේතුව නිසා අපි මොන ම විදිහකින් වත් සත්තු මරන්න හරි සත්තුන්ට හිරිහැර කරන්න හරි නරකයි.


සමහරු ඉන්නවා අනුන්ට හිරිහැර කරලා සතුටු වෙන්න කැමැතියි. එයාලා බලන්නේම අනුන්ට කොහොමද හිරිහැරයක් කරදරයක් කරන්නේ කියලා. අනුන් සතුටෙන් ජීවත් වෙද්දී එය බලලා සතුටු වෙන්න හිත හදා ගන්න බැරි ඇයි? අල්ලපු ගෙදර අය සතුටින් සමාදානයෙන් ජීවත් වෙද්දී ඇයි බැරි ඒ සතුට බලලා ඔයාලටත් සතුටු වෙන්න. අනුන්ට වල කපලා අනුන් දුක් වේදනා විඳිනවා දිහා බලලා සතුටු වෙනවාට වඩා අනුන් සාර්ථක වෙද්දී අනුන්ගේ සතුටේ දී සතුටු විය හැකි නම් එය හරිම උතුම් ක්‍රියාවක්. හැමෝ ටම පුලුවන් දුකට කරදරයකට පත් වෙච්චි අය දිහා අනේ අපොයි කියලා අනුකම්පාව උපදගෙන ඒ අයට පිහිට වෙන්න. නමුත් සුඛිත මුදිතව ජීවත්වන අයගේ සැපය ඉවසාගෙන අනේ මේ අයට තව තව ලැබේවා. තව තවත් දියුණුවට පත් වේවා යැයි හිතන්න අවංකව පුලුවන් අද මේ සමාජයේ කී යෙන් කීදෙනාටම ඇත්තට ම කිව්වොත්. මේ හේතුව නිසා සමාජේ දියුණු කරන්න පලමුව මිනිසුන්ගේ අදහස් වෙනස් කරලා ඉන්න ඕන කියලා ඔයාලා හොදට තේරුම් ගන්න.

6 comments:

  1. ඔව් අක්කේ මමත් හිතනවා අදහස් වෙනස් කිරීමෙන් පමණක් පුද්ගලයෙක් වෙනස් කරන්න පුලුවන් කියලා. ඒක වුනත් ඒ පුද්ගලයගේ කැමැත්ත මත සිදු විය යුතුයි. බලහත්කාරයෙන් යම් පුද්ගලයෙකු වෙනස් කරන්න හදනවාට වඩා ඒ පුද්ගලයාගේ විදිහට අපිට වෙනස් වෙන්න පුලුවන් නම් මම හිතනවා ඒක තමයි වඩාත්ම නිවැරදි වගේම වඩාත්ම සිද්ධ විය යුතු කාරණය කියලා. විවාහයකදී නම් සැමියාවෙ වෙනස් කරන්න හදනවට වඩා සැමියාට අනුව අපි අනුගත වීම වඩාත් වැදගත් කියලා මම පෞද්ගලිකව හිතනවා. මම නම් තවම පුංචි කෙල්ලෙක් අක්කේ. මම පැහිච්ච අදහස් ලියලා නම් සමාවෙන්න.

    ReplyDelete
  2. මම හිතන්නේ මම කවදාවත්ම මේච්චර දරුණූ ප්‍රහාරයකට ලක් වෙලා නැතුව ඇති. බොරුනම් පහුගිය ලිපිවල කමෙන්ට් චෙක් කරලා බලන්න. ප්‍රතිවාදියා කියලා කෙනෙකුයි එයාගේ සනුහරේ ඉන්න අන්තවාදී උමතු පිස්සෝ රැළයි ඇවිල්ලා මට ඉවක් බවක් නැතුව පහර දෙන්න පටන් ගත්තා. එයාලා දන්නේ නැහැ. මම උසස් රැකියාවක් කරන උගත් කාන්තාවක් කියලා. එයාලා හිතන්නේ මමත් එයාලා වගේම රස්තියාදු ගහන කෙල්ලෙක් කියලා.

    මට දුක මේකයි. මගෙත් එක්ක වැදගත් විදිහට කතා කරන්න නෑවිත් හරිම අසික්කිත විදිහට තිරිසන් විදිහට ගැහැණුකමට කිසිම ගරුත්වයකින් තොරව අශිෂ්ටව මට කතා කරලා නින්දා අපහාස කරලා කමෙන්ට් දාලා තියන එකටයි. අනේ පබසරා ඔයාට පුලුවන් නම් මට බැනලා තියෙන නින්දා කරලා තියෙන ඒ අලුකුත්තේරුවන්ගේ කමේට්ස් ටික ඩිලීට් කරලා දාන්නකෝ...

    ReplyDelete
    Replies
    1. මම මේ ප්‍රති වාදියා කියන මිනිහටයි මිනිහගේ වගේ ඉන්න අනික් නිර්නාමික මෑන්ටයි හොඳ වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. මෙයාලා හිතා ඉන්නේ ගෑනු අපි මෙයාලගේ බයිට් එක වෙන්න ඕන කියලයි. ඒවා හරියන්නේ නැහැ මා එක්ක. මම දන්නවා මෙයා මට බයට මේ සේරම දේවල් කරන්නේ කියලා.

      ඒ වුනත් කරන්න දෙයක් නැහැ. තව සති කීපයයි මේ සෙල්ලම මේ විදිහට ම තියෙන්නේ. එතකොට ඉතින් ප්‍රති වාදිය කියලා ටයිප් කලාම ගුගල් වලින් පෙන්වන්නේ ඩිලිට් දැට් සයිට් කියලා විතරයි. ටිකක් ඉවසාගෙන ඉන්නකෝ සුරේඛා. මම මේ කමෙන්ට් ළඟ තියා ගත්තේ මෙයා මෙන්න මෙහෙම කාන්තාවන්ට අපහාස කලා කියලා සාක්ෂි පෙනෙන්න තියෙන්න ඕන නිසායි. නීතිඥයෙකුට වුවමනා කරන්නේ සාක්ෂි නිසා. මෙයාලා කොච්චර මෝඩයි ද කොච්චර නූගත් ද කියනවා නම් මෙයාලා දන්නේ නැහැ එයාල ලියන දේවල්වලින් අන්තිමේ දී හිර වෙන්නේ එයාලමයි කියලා.

      මෝඩකමට බෙහෙත් නැහැනේ. මෙයාලා ළඟ මෝඩකමට අමතරව තව මැටි මෝල් කමකුයි මොල් කරන මෝල් කමකුයි තියෙනවා. ඒක අර ඇහැට කණට පේන් ලස්සන ගෑනු ළඟදී මේ වගේ කොල්ලන්ට ඇති වන පැණි ගතිය සෙවල ගතිය වගේ මොල් කමක් සුරේඛා ඔයා දන්නවා නේද?

      මම හිතන්නේ මෙයාලා හිතා ඉන්නේ අපි වගේ සමාජයේ උසස් වැදගත් උගත් කාන්තාවන්ට මේ විදිහට නින්දා අපහාස කරලා නීතියෙන් ගැල වෙන්න පුලුවන් කියලා. එයාලා පස්සෙන් පහු තමන් කමෙන්ට් කළ දේවල් තමන්ම මකලා දාවී කියලා හිතුනු නිසා මම පෙන් ඩ්‍රයිට් එකට මේවා සේරම දේවල් ඩවුන් ලෝඩ් කරලා සේව් කරලා බැක් අප් කොපියක් ළඟ තියා ගත්තා. දැන් මෙයාලාගේ බ්ලොග් එකෙයි මගේ බ්ලොග් එකේ මෙයාලා දාපු කමෙන්ට් වල පිටපතුයි මගේ පෙන් ඩ්‍රයිට් එකේ සේව් කරලා තියෙන්නේ. මොකකට හරි නීතිමය කටයුත්තකට මගේ ලෝයර් කතා කරපු ගමන් මම මේවා සාක්ෂියට ඉදිරිපත් කරපුවාම මෙයාලට ඇපත් නැහැ.

      ඇප නැති නිසා සල්ලි නැති හිඟන්නෝ නිසා අරක තමයි ඇපේට තියන්න වෙන්නේ. පොලිසියේදී ලාච්චුවලට දාලා බැටන් පොලු යවලා දෙකක් දීලා ගැස්සුවාම මෙවුන්ගේ කටවල් නිකම්ම සමතලා වේවි. එතකොට යස අගේට අනේ මැඩම් අපිට සමාවෙන්න කිය කියා අපේ පස්සෙන් ඒවි මෝඩ කොල්ලෝ වගේ.

      Delete
    2. ප්‍රතිවාදියාගේ බ්ලොග් එක delete කරන එක නම් පොඩ්ඩක් අමාරුයි

      Delete
  3. මේ ගූ ගල් වැද්දන්ට කනේ පාරවල් දෙක තුනක් දුන්නා නම් පොලිසියකට පැමිණිලි කරලා මුංව බලු කූඩුවේ දාලා රෑට ගිහිල්ලා හොඳට පෝරියල් එකක් දුන්නා නම් මෙවුන්ගේ අම්මලා වෙන්න ඉන්න ගැහැණුන්ට අපහාස කරන ගතිය නැත්තටම නැති වෙලා යාවි. දැනටමත් තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි මඟට යොමු වෙච්ච මේ වගේ නරක අය ආශ්‍රයට වැටිලා නොමඟ ගිය පිරිමි කීප දෙනෙක් අපේ කාන්තා සංවිධාන මාර්ගනේ හොඳ මඟට ගෙනවිල්ල දැන් නිවසේ බිරිඳට කීකරුව කටයුතු කරන තත්වයට අපි හදාගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔහෝ බිරිඳට කීකරුවෙන්න? බිරින්දනේ මිනිහට කීකරුවෙන්න ඕන

      Delete