Tuesday, January 14, 2014

කරුණාකරලා මා ගැන මතුපිටින් බලලා වැරදි තීරණ අරගෙන වැරදි වැටහීම් ඇති කර ගන්න එපා...

මම කැමතියි අනුන්ට හිරිහැරයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න. ඒ වුනාට මට අනිත් අය එහෙම හිරිහැරයක් කරදරයක් නැතුව ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැනේ. මේකේ ලොකු පරතරයක් තියෙන බව මට පැහැදිලිව පෙන්න තියෙනවා. මම අනුන්ට කිසිම හිරිහැරයක් කරදරයක් නැතුව ජීවත් වෙනවා නම් මට ඒ වගේ ජීවත් වෙන්න ඉඩක් තියෙන්න ඕන නේ. නමුත් මම දන්න තරමට මට තරම් මගේ කිසිම යෙහෙලියකට කරදර හිරිහැර වෙලා නැතිව ඇති. මට පාසැල් කාලේ දීත් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දීත් අනතුරුව විශ්වවිද්‍යාල සේවයේ දැන් නිරත වෙලා ඉද්දීත් නිතරම මුහුණ දෙන්න සිදු වන්නේ අනුන් විසින් බලහත්කායෙන් ඇති කරන කරදර හිරිහැර හිංසා ආදියට මුහුණ දෙන්න තමයි. මේක වරදවා හිතා ගන්න එපා. කවුරුවත් මගේ සිරුරට කායිකව හිංසා කරලා නැහැ. නමුත් මට අනුන්ගෙන් කේලාම් ඕපාදූප ආදිය නිසා මුහුණ දීමට සිදු වන කරදර හිංසා ආදිය නිමක් නැහැ. මේ නිසා මට සිදු වන ලොකුම හිංසාව තමයි මම වැරැද්දක් කරන්නේත් නැතුව අනිත් අය කේලාම් බස් පිළි අරගෙන මගේ දිහා වැරදි විදිහට බැලීම. ඇත්තටම මෙහෙම වෙන්නේ වැරදි වැටහීම් නිසායි. නමුත් මේ අය පිලිගන්නේ නැහැ තමන් අතින් ඒ වගේ වැරදි වැටහීම් ඇති වෙනවා කියලා වත්. නිතරම හිතන්නේ තමන් හරියි කියලයි.


කුඩා කාලේ දී මම හොද යෙහෙළියක් ආශ්‍රය කරද්දී මගේ අනිත් යෙහෙළියෝ ඒ මගේ හොඳම මිතුරියට කියලා තිබ්බා මා වගේ දුප්පත් කෙල්ලෙක් ආශ්‍රය කරන්න එපා කියලා. ඇත්තටම අපි නම් දුප්පත් නැහැ. මම සාමාන්‍ය වශයෙන් ධනවත් පවුලක කෙල්ලකේ. මම දන්නේ නැහැ හදවතින් මම දුප්පත් ද කියලා නම්. නමුත් මට හොඳට සල්ලි තියෙන වැදගත් පවුලක කෙල්ලෙක්. ඒ වුනාට මගේ සමහර යෙහෙළියන් හිතන්නේ මම දුප්පත් කියලා. මොකද දන්නවද මම අනිත් අයට තියෙන බව අඟවන්න කැමති නැති නිසා. මම හොඳටම දන්නවා මගේ යෙහෙළියෝ සල්ලිකාර පෝසත් කෙල්ලෝ යැයි හිතා ගෙන ඉන්න මගේ මිතුරියෝ ඉන්නවා එයාලා හිතනවට වඩා ගොඩාක් දුප්පත්. නමුත් එයාලා ඇඳුම් පැළඳුම්, විලාසිතා, ගමන බිමන, ඉංග්‍රීසි උච්චාරණය තුළින් අන්‍යයන්ට ප්‍රතිරූපයක් මවනවා තමන් ලොකු සල්ලිකාර පවුලක පොසත් කෙල්ලෝ කියලා. නමුත් මම දන්නවා එයාලා එහෙම පෝසත් නැති බව. මම මෙහෙම කියන්නේ මම එයාලාගේ ගෙවල්වල ගිහිල්ලා තියෙන නිසායි. සමහර වෙලාවට ඒ වගේ ලමයින්ගේ අම්මලා වැඩ කරන්නේ එක්කෝ සෞදිවල නැතිනම් කුවේට් ඩුබායි වල. ඒ නිසා එයාලාට හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙනවා. සල්ලි ලැබෙනවා තමයි. නමුත් පවුල් වශයෙන් ඔවුන් ගෙවන්නේ අන්ත අසරණ දුක්ඛිත ජීවිතයක්. මම මේවා දන්නවා වුනාට කාටවත් නිකරුනේ නින්දා අපහාස කරන්න කැමති නැහැ. ඒ නිසා මම ඔවුන්ගේ සැබෑ ස්වරූපය අනිත් යෙහෙළියන්ට කියලා නැහැ. නමුත් මම මතුපිටින් ගොඩාක් සරළයි. එහෙම වුනාම එයාලා මා ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්නවා මම හරිම දුප්පත් කෙල්ලෙක් කියලා.

1 comment:

  1. ඕනෑම තැනක ගැටුම් ඇති වෙන්න ප්‍රධානම කාරණය තමයි මතුපිටින් බලලා තීරණ තීන්දු අරගෙන ක්‍රියා කරන්නට යාම. අනික සියල්ලන්ගේම අදහස් නොගෙන තමන්ට හිතවත් කීප දෙනෙකුගේ පමණක් අදහස් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට යාම බොහෝවිට ගැටුම් ඇති වීමට ප්‍රධාන වශයෙන් ම හේතු වෙනවා.

    ගැටුමක් එක් කෙනෙකුට වඩා වැඩි පාර්ශව ගණනක් අතර ඇති විය හැකියි. ගැටුමක දී ප්‍රධාන වශයෙන්ම සලකා බලන්නේ ගැටුමක් ඇති වීමට හේතුව මොකක්ද කියලයි. එහෙම බලද්දී අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ අදහස් අතර ඇති වන ගැටුම් පසුකාලීනව පුද්ගල ගැටුම් දක්වා වර්ධනය වීමක්.

    මේ ගැටුම් ඇති වීමට ප්‍රධාන හේතුව අනවබෝධයයි. ඒක පුද්ගලාන්තර ගැටුම් වලට පමණක් නොව රටවල් අතර ඇති වන යම් යම් ගැටුම්වලටත් ප්‍රධාන හේතුවක්. අවබෝධය වැඩිකර ගැනීම මඟින් ගැටුම් හැම විටකදීම අවම කරගත හැකියි.

    ReplyDelete