Thursday, January 16, 2014

අන්තර්ජාලයේ රස්තියාදුකාරයන්ට රස කෑමක් හම්බ වෙලා...

මට පහුගිය දවස් කීපයේ වැදගත් අදහසක් තියෙන ලිපියක් පල කරගන්න බැරිව හිටියේ. මොකද මම දන්නේ නැති පිස්සෝ වගයක් ඇවිල්ලා මගේ බ්ලොග් එක නාස්ති කරලා යන්න බැලුවා මම සමහර කමෙන්ට් අයින් කලා. ඉතිරි ඒවත් ටික කාලයක් ඔහොමම තියෙන්න ඇරලා අයින්ට කරනවා. මොකද මම කියන ඒවාට ශාක්ෂි තියන්නත් ඕනනේ. මම දන්නේ නැහැ. මේ පිස්සෝ රැළ ඊ ළඟට මොනවා කියා ගෙන මේ බ්ලොග් එක වටේ කරක් ගහන්න ඒවි ද කියලා. හැබැයි එකක් පැහැදිලියි. කිසිම රස්සාවක් කරන්නේ නැතුව මුලු දවස තිස්සේම අන්තර්ජාලයේ කරක් ගහ ගහා ඉන්න පිස්සෝ ටිකක් බව නම් මට හොඳටම පැහැදිලියි. අනිවාර්යයෙන්ම ඔය පාරවල් වල තියෙන සයිබර් කැෆේ වලින් පැයකට රුපියල් හැට ගණනේ ගෙවල් ඉන්ටනෙට් පාවිච්චි කරන කුකුල්ලු ටිකක් වෙන්න ඇති. නැතිනම් හොර පාරෙන් නොමිලේ ඉන්ටනෙට් අරගෙන දවස තිස්සේම ඉන්ටනෙට් එකේ රස්තියාදු වෙවි කරන්න වෙන වැඩක් නැතුව ඉන්න පොරවල් ටිකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් කමක් නැහැ. දැන් සේරම පිස්සෝ ටික මාව අතහැරලා ගිහිල්ලා තව කවුද අල්ලගෙන. දැන් ඒ මිනිහා ගැන මෙලෝ සිහිසන්නයක් නැතුව උන්ගේ පිස්සු බ්ලොග් වල දිගට හරහට ලිපි පල කරනවා. පිස්සෝ ටිකට නම් හොඳටම පිස්සු.

ඒකත් හොඳයි මට කණක් ඇහිලා ඉන්න පුලුවනි. ආයිමත් යන්න නරකයි පිස්සෝ ඉන්න තැන්වලට. උන් දන්නේ නැහැ අපි කව්ද කියලා. හිඟන හැත්ත. හොඳ කාර් එකක ජීවිතේටම ගිහිල්ලා නැති බස්වල චාටර් වෙන වාත පොරවල් ටිකක්. මට පෙනුම ගැනත් හිතා ගත්තහැකි. මෝඩයෝ. අනුන්ගේ සීනි කිර කිර ඉන්නේ නැතුව ඉල්ලුම් පත්‍රයක් වත් දාලා හොඳ රස්සාවක් හොයා ගත්තා නම් ඉන්ටනෙට් එකෙන් අනුන්ගේ රෙදි ගලෝ ගලෝ ඉන්න වෙලාවේ හරි ගෑනුන්ට බැණ බැණ ඉන්න වෙලාවේ දී හරි පණම් හතරක් හොයා ගන්න තිබ්බා. පිස්සා කියලා මරන්නටයෑ. අපි මොනවා කරන්න උන්ගේ ලබා උපන් හැටි. අම්මලා තාත්තලත් උන්ගේ මේ වගේම වෙන්ටැති. උන්ට අක්කලා නංගිලා නැතුව ඇති. ඒකනේ උන්ට ගෑනු පෙන්නන් බැරිව ගිහිල්ලා තියෙන්නේ. දැන් උන් සේරම ගෑනුන්ට බණින එක අතඇරලා කව්ද පිරිමි කෙනෙක් අල්ලගෙන ඒ මිනිහාව පතුරු ගහලා තියෙනවා දැක්කා.උන් ඕන දෙයක් කර ගත්තදෙන්. පිරිමි සේරම පිරිමියෙක් අල්ලගෙන බැණ අඬගහ ගත්තට අපිට කමක් නැහැනේ. උන් පිරිමි. උන් ඕන දෙයක් කර ගත්තාවේ. ගෑනුන්ට මොනවත් එහෙම කියන්නේ නැතුව.

No comments:

Post a Comment