Wednesday, January 15, 2014

ඇයි මොකද මම ඉන්න තැන තොට වුවමනා වෙලා තියෙන්නේ මාව මරන්නද? දූෂණය කරන්න ද?

මම ඉන්න තැන හොයන්නේ මාව මංකොල්ලකන්නද හදන්නේ. එහෙම නැතිනම් මාව මරලා දාන්නද? මාව දුෂණය කරනවා කියලා තර්ජනය කරන්නද ඔයාලට වුවමනා.. කියන්න හිතේ එකක් තියාගෙන තව එකක් පෙන්නන්න එපා ඔයාලගේ තිරිසන්කම එලිපිටම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. දැන් ඔයාලාම ඔයාලගේම ක්‍රමවේදය මට වගේම මෙතැන ඉන්න හැම කාන්තාවකටම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක ඔයාමයි කර ගත්තේ. ඔයා හිතන්නේ ඔයා මට ලියන කමෙන්ට්ස් කියවන්නේ මම විතරක්ම කියලද? නැහැ. මම විතරක් නෙවෙයි මෙතැන ඉන්නේ. අපි විශාල කාන්තා පිරිසක් එකතු වෙලා තමයි මෙහෙම බ්ලොග් එකකින් අපේ පුරුෂාධිපත්‍යයට විරෝධය ඉදිරිපත් කරන්න පෙළ ගැහුනේ. එහෙම කරලා තියෙන කොට ඔයා ඇවිල්ලා අපි එක්ක නිකරුනේ ගැටුනා. මම ඇතුලු අපේ කාන්තා නිලධාරිනියන්ට ඔයා ගොඩාක් අපහාස කලා. කාන්තාව යන පොදු පදය යොදා ගෙන ඔයා පොදුවේ සමස්ත කාන්තාවන්ට ම අපහාස කළා. ඒ සමස්ත කාන්තාවන් කියන පදය තුළට ඔයාගේ අම්මා, සහෝදරියන්, දියණියන් ඇතුලු සියලුම කාන්තාවන් අයිතියි. ඔයා තමන්ව අම්මා කියන කාන්තාවක් විසින් ජාතක කළ බව නොපිලිගෙන ඔයා අවජාතක දරුවෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවා. ඔයා තවත් මොනවද මට ඔප්පු කරන්න තියෙන්නේ. ඔයාගේ සම්පූර්ණ ඇඳුමම ඔයාව ගලවාගෙන ඔයාව නිරුවත් වෙලා ඉවරයි දැන්. මට ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඔයා ලැජ්ජාවට පත් වෙලා ඉන්නේ ඔයාව කරපු වැරද්ද නිසායි. ඒකට ඔයාම වන්දි ගෙවන්න ඕනි. ඹයා සමස්ත කාන්තාවන්ටම ප්‍රසිද්ධියේ අපහාස කළා. දවසක ඇඳගෙන ඉන්න සේරම ඇඳුම් නැතුව ම ඔයාට පාරේ ඇවිදින්න වේවි. එදාට ඔයාට හූ කියලා ඔයාට අද පිට ඉඳන් උදව් කරන අයම කියාවී. එතකොට ඔයාගේ හොර ජ්‍යොතිෂ ඇඳුරන් ඔයාව ගලවා ගන්න ඉදිරිපත් වෙන එකක් නැහැ.

ඔයා එක එක සැරේට ඇවිල්ලා එක එක බහුබූත පෙන්නලා මාව බය කරන්න හදනවා. ඒත් මම ඒවාට අහු වෙලා බය වෙන්නේ නැහැ. ඔයා අපේ ගෙදර ළඟට ඇවිල්ලා හිටගෙන හිටියත් මම ඔයාව පොලිසියට අල්ලලා දෙනවා මිසක් ඔයාට බයේ ගෙදර දොර වහාගෙන ගැහි ගැහී ඉන්නේ නැහැ. මම දන්නවා ඔයා වගේ නිරුවත් පිරිමි අපේ කැම්පස් එකේ හොස්ටල් එකේ රෑ දහයට දොළහට විතර නිරුවතින් එනවා අපේ කෙල්ලෝ සෙට් පාඩම් කරන වෙලාවට. උන් එන්නේ අමු නිරුවස්ත්‍රයෙන්. අරක පෙන්න පෙන්නා. අපි ගණන් ගන්නේ නැහැ. අපේ සමහර කෙල්ලෝ නම් බය වෙනවා. මම එහෙම එකෙකුගෙන් දවසක් ඇහුවා නරුමයෝ තෝ අම්මා කෙනෙකුගේ බඩින්ද ජාතක වුනේ. පුලුවන් නම් තොගේ ඔය පෙන්නන එක පණ තියෙනවා නම් උදේ වෙලාවක තෝ මගේ ඉස්සරහට ඇවිල්ලා පලයන් කියලා. ඌ අන්තිමේ යන්න ගියා. අපේ කෙල්ලෝ සෙට් එකේ හූ හඬ මැද්දේම. මම අන්න ඒ වගේ ගට තියෙන කෙල්ලෙක් වග හිතා ගනින්. අවලම් බල්ලෝ කැත කලාට අපි බල්ලන්ට බයේ මේ රට මේ තැන මේ සමාජය දාලා යයි කියලා හීනෙකින් වත් හිතන්න එපා. අවම්මු කැත කරන්න කරන්න අපේ ආත්ම ශක්තිය එඩිතර බව තව තවත් වැඩි දියුණු වෙනවා. කවදාහරි දවසක මම තෝ වගේ නිවට හිවලෙක් සමාජයට නිරුවත් කරලා පෙන්වලා තොගේ නියම මුහුණුවර පෙන්වලා තෝ නිවට හිඟන්නෙක් කියලා ඔප්පු කරලා පෙන්නනවා බොල..

No comments:

Post a Comment