Wednesday, January 15, 2014

අපි වගේ අසරණ ගැහැණුන්ව මරලා දාන්න දුෂණය කරන්න ගෙවල් මංකොල්ල කන්න සැලසුම් හදන නීචයින්....

එක එක් පිස්සෝ අන්තර්ජාලයේ ඉන්නවා කියලා දැන ගත්තේ මම අද ඊයේ නෙවෙයි. මම ඒ වගේ අය ගැන හුඟක් දන්නවා. මම කාන්තාවක් හින්දා හුඟක් පිරිමි හිතනවා තර්ජනය කරලා මරනවා කියලා, දූෂණය කරනවා, අතවර කරනවා., මරලා හංගනවා, පැහැරගෙන ගිහිල්ලා කප්පම් ගන්නවා වගේ කතා නම් හුඟක් දෙකයි පණහේ පිරිමි අය නිතරම කියලා තියෙනවා. ඒක නිසා ඒ ගැන නම් මම පොඩ්ඩක්වත් කරදර වෙන්නේ නැහැ. මට හිනා යනවා මේ වගේ මෝඩ පිරිමි පිරිමි අය අතරේ ඉන්න එක ගැන. හරියට වයසක අම්මා කෙනෙක් වගේ මිථ්‍යා විශ්වාස, ඕපාදූප, ගොසිප් පස්සේ යන පිරිමි ඉන්නවද කියලත් මට හිතෙනවා. ඒ එක්කම මේ වගේ පිරිමින්ගේ මානසික මට්ටම ගැනත් හිතා ගන්න පුලුවනි. ඇයි මේ අයගේ බ්ලොග් එක බැලුවම ගැහැණූ එක්ක කොයි තරම් වෛරයකින් පසුවෙනවාද කියලා බල ගත්තහැකි. නියම වශයෙන් වෛරය, ක්‍රොධය දැන ගත්තේ මගේ අවංක අදහස් කිව්වාට පස්සේ. මම වගේ අහිංසක කෙල්ලෙකුටත් මේ වගේ තර්ජනය කරන්න එනවා නම් මරණවා, මරලා හංගනවා, උස්සනවා, ගහනවා, දූෂණය කරනවා, ගෙවල් මංකොල්ල කනවා වගේ දේවල් කියලා තර්ජනය කරන්න පුලුවන් නම් මට හිතා ගන්න පුලුවන් මේ අයගේ පහත් මානසික මට්ටම. එදා බස් රියක් තුළදී සාමූහිකව සල්ලාල පිරිමි රංචුවක් අතින් දූෂණය වුන අභීතා දිරිය දියණිය පමණක් නොව ගංගොඩවිල විජේරාම හන්දියේ පින් ලිඳ ආසන්නයේදී සාමූහිකව දුෂණයට ලක් වූනු තරුණ කාන්තාව පවසන්නේ ත් අපේ රටේ තියෙන සාහසික පුරුෂාධිපත්‍යයෙහි කතාව.

මෝඩ පිරිමි රංචුවක් කියන්නේ අපේ රටේ පුරුෂාධිපත්‍යය නැහැ කියලා. නමුත් මම හොඳින්ම හොයාලා බලලා තියෙනවා. මේ ගැන විශ්වවිද්‍යාලවල පර්යේෂණ මට්ටමික් අධ්‍යයනය කරලාත් තියෙනවා. ඒ අතරින් කොළඹ විශ්වවිද්‍යාලය සුවිශේෂයි. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයනය කරපු විද්‍යාර්ථීන් වන කාන්තාවන් වන අපි දන්නවා හොඳින්ම සමාජයීය වශයෙන් මේ ලොකේ කාන්තාවන්වීම නිසාම විඳින්නට සිදු වන අතවර, කරදර, හිරිහැරවල ප්‍රමාණය. ඒක දකින්න අහන්න ලැබෙන්න නම් ඉතින් අපි වගේම තවත් කාන්තාවක්ම වෙන්න ඕනෑ. මොකද ලෝකය කාන්තාවන් දකින විදිහට නෙවෙයි පිරිමින් දකින්නේ. පැහැදිලිව දෙවිදිහක්. අපිට සිදුවන අසාධාරණකම්, අයුක්ති සහගත සමාජ භාවය මත සිදුවන මදිපුංචිකම් සියල්ල සිදුවන්නේ කාන්තාවන්ට. ඒක ඔයාලා වගේ පිරිමින්ට කවදාවත්ම මතුපිටින් බලලා විතරක් තේරම් ගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම කියනවා කියලා අපිව උස්සන්න, මරලා හංගන්න, දූෂණය කරලා මරලා දාන්න, ගෙවල් මංකොල්ලකන්න කවුරු හරි පිරිමියෙක් එහෙම කියලා අපිට තර්ජනය කරනවා නම් ඒක ලොකු වරදක් හැටියට කාන්තාවන් වශයෙන් අපි දකිනවා. ඒ වගේම අපි ඒකට එරෙහිව ප්‍රසිද්ධියේ සංවිධානය වෙලා ඒ වගේ කිසිම මනුස්සකමක් නැතුව තිරිසන් ප්‍රකාශ නිකුත් කරපු පිරිමින්ට එරෙහිව සංවිධානාත්මකව නැඟී සිටිනවා. මතක තියා ගන්න නුඹලාට තියෙන්නේ තව පොඩි කාලයයි.

1 comment:

  1. තොපි තමයි යකෝ නීචයෝ තොපි පිරිමි වෙන්න හදනවා තොපි මේ රටේ යහිතින් ඉන්නෙත් පිරිමි නිසා කියල මතක තියාගනින්

    ReplyDelete