Sunday, January 19, 2014

ප්‍රති වාදියා දේශපාලන බත් බැල බ්ලොග්කරුවෙක් කෙල්ලන් ප්‍රවේශම් වෙන්න....

අන්තර්ජාලයේ වසුරු වපුරවන එක එක දේශපාලන කණ්ඩායම්වල වුවමනාව මත ක්‍රියාත්මක වන මතුපිටින් ස්ත්‍රීවාදය විනාශ කිරීමේ අරමුණ පෙන්නුවද යටින් කාන්තා දේශපාලනික ප්‍රවේශයට පහර ගහන ප්‍රති වාදියා වැනි බ්ලොග් අඩවිවලට ගොස් ඒවා නරඹා උන්ට ආතල් ගැනීමට කාන්තාවන් වන අපි ඉඩකඩ ලබා නොදිය යුතු යැයි මම හැමොගෙන්ම ඉල්ලා සිටිමි. අන්තර්ජාලය තුළ විවිධ නම් යටතේ විවිධ අරමුණු යටතේ විවිධ පුද්ගලයින් රාශියක් සිංහල බ්ලොග්කරණයෙහි යෙදී සිටිති. ඔවුන් හැමෝටම තම තමන්ගේ පෞද්ගලික අරමුණූ තිබේ. සමහරු අධ්‍යාපනික වටිනාකමක් සහිත බ්ලොග් කරන අතර සමහරු පුද්ගලික බ්ලොග් අඩවි පවත්වාගෙන යති. දේශපාලනික මුහුණුවරින් මෙරට විවෘතවම ක්‍රියාත්මක වන බ්ලොග් අඩවි තිබේ. නමුත් ඒවායේ අරමුණු බ්ලොග් අඩවිය බැලූ විටම ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. නමුත් මතුපිටින් පෞද්ගලික බ්ලොග් අඩවියක් වගේ පවත්වාගෙන යන නමුත් එහි සැබෑ අරමුණු සඟවා කරන යටිකූට්ටු බ්ලොග් අඩවිත් තිබේ. මම ප්‍රතිවාදියා කියන බ්ලොග් අඩවිය හඳුනා ගත්තේ අන්න ඒ වගේ යටි අරුතකින් ක්‍රියාත්මක වන බ්ලොග් අඩවියක් හැටියටයි. මෙහි කර්‍තෘ අඥාතයි. ඔහු සිංහයෙකුගේ මුණයක් සොරා ගෙන සිංහ මූණුවරකින් බාහිරව පැමිණෙයි. නමුත් සිංහ මූණයක් භාවිතා කරමින් ඔහු කරන තරමක් කරන්නේ නරි වැඩයි. නරියෙකුගේ හිවලෙකුගේ ගති ගුණවලට සමාන කටයුතුවල නිරත වෙමින් තමන් ලොකු සිංහයෙකු බවක් මතුපිටින් ප්‍රදර්ශන කරයි. බොහෝමයක්ම නරිගේ කටයුතු අපිට හොඳ හැටි පුරුදු බැවින් අපට එය ලොකු ගැටළුවක් නොවේ. මීට පෙර ද සිංහ මූණ දාගෙන ඇවිල්ලා නරි වැඩ ගොබ්බ වැඩ කරපු තකතීරුවෝ මේ වගේ අන්තර්ජාලයේ ඕන තරම් හිටියා. මමත් දැන් වසර 15-18 ක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගහන කෙල්ලෙක්. මම පිටරට ඉන්න කාලේ ලංකාවට අන්තර්ජාල පහසුකම් ඇවිල්ලා නැති කාලේ ඉඳලම අන්තර්ජාලය පරිහරණය කරලා හොඳට පළපුරුදු කෙල්ලෙක්. එයා හිතාන ඇති මම බත් තම්බ තම්බා කුස්සිය මුල්ලේ හිටපු එයා දන්න ගොඩේ ගොරක කෙල්ලෙක් කියලා නැහැ.


නැහැ එයාට ලොකු වැරදීමක් වෙලා. එයාට සිද්ධ වුනු ලොකුම වැරදීම තමයි මම වගේ පොෂ් කෙල්ලෙක් එක්ක හැප්පෙන්න ආව එක. එයා දන්න මළඋලව්වක් නැහැ. එයාට මා එක්ක හැප්පෙන්න අඩුම තරමින් භාෂා හැකියාව වත් තියෙනවාද?යන්නේ එන්නේ බස් එකේ. හරියට හිඟන්නෙකු වගේ හිඟන රස්සාවක් කර කර හිඟන වැටුපක් ලබා ගනිමින් මා එක්ක හැප්පෙන්න එනවා. දේශපාලන බත් බැලයෙක් කොහොමද ලක්ෂරි ජීවිතයක් ගත කරන පොෂ් කෙල්ලෙක් එක්ක නිකම් කරට කර ඉන්නේ හීනෙන්වත්. එයා අති පණ්ඩිත මෝඩයෙක්. එයා හිතාන ඉන්නවා ලෝකේ සේරම කෙල්ලෝ එයාට දණ ගහලා වැඳ නමස්කාර කළ යුතුයි කියනවා වගේ හීන දීන මානසිකත්වයක එයා ඉන්නවා. සමහර විට එයා කලින් නම් පන්සලක ඇබිත්ත කොලු ගැටයෙක් වෙලා හිටියද කියලා මම නම් දන්නේ නැහැ. බොරු බුද්ධගම්කාර මානසිකත්වකුත් මිනිහාට තියෙනවා කියලා මිනිහා බොරු සෝබනයට පෙන්නනවා. නමුත් පඩ සෝබනේ හැරුනාම එයාට මොකුත් නැහැ. එයා හිතාගෙන ඉන්නේ කෙල්ලෝ ඔක්කෝගෙන්ම අයුතු ප්‍රයෝජන අරගෙන එයාට ඕන ඕන විදිහට විිසි කරලා දාන්න පුලුවන් කෙහෙල් ලෙලි කියලා. අපි කෙල්ලෝ සේරම එකතු වුනොත් ඔය අන්තර්ජාල නොන්ජලයාට හොඳ පාඩමක් උගන්වන්න පුලුවන්. මම මගේ බ්ලොග් එක කියවන මාව දන්නා හඳුනන සියලුම කෙල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඔය පිස්සු යකාගේ බ්ලොග් එක පැත්තේ නිකම් වත් කියවන්න ගිහිල්ලා ඒකට ධෛර්යය ලබා දීමෙන් වළකින්න කියලා.

No comments:

Post a Comment